සත්සයුර ගැන


සත්සයුර කියන්නෙ හදනවට හදපු, ලියනවට ලියන බ්ලොග් එකක් නෙමෙයි. 2012 ජුලි 19 වෙනිදා හීනෙකින්වත් හිතපු නැති විදිහට සිද්ධ වුණ දෙයක් නිසා හිතේ ඇති වෙච්ච දුක තුනී කරගන්න, දුක නැති කරගන්න, විශේෂ කෙනෙක් වෙනුවෙන් හදපු බ්ලොග් එකක්. (පස්සෙ තමයි එයාගෙ නමට ළඟින් යන විදිහට බ්ලොග් එකේ නමත් වෙනස් කළේ. බ්ලොග් එක පටන් ගත්තෙ "ඉසව්ව" කියන නමින්.) සත්සයුර බ්ලොග් අඩවිය පටන් ගත්තෙ මට මුළු ලෝකෙම එපා වෙච්ච වෙලාවක. ඒ  2012 ජුලි 26 වෙනිදා.

ඉතින් මේ බ්ලොග් අඩවිය දියුණු වෙන තරමට මට ලොකු සතුටක් ලැබේවි. තාක්ෂණික ලිපි වැඩිපුර ලිව්වත් සත්සයුර හැම දෙයක් ගැනම ලියන්නයි හැදුවෙ. ඒ හැම ලිපියකින්ම කියවන අයට වටින යමක් දෙන්නයි මගේ එකම උත්සාහය. බ්ලොග් එකට කමෙන්ට් වැටුණෙ නැතත්, වැඩිය ලිපි කියවන්න අය නාවත් මට කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒවයින් මම සැලෙන්නෙත් නෑ. සත්සයුරට සහයෝගය දෙන හැමෝටම ගොඩක් ස්තුතියි!


සත්සයුර ලියන මම: උමයංග මධුෂාන් 
පෞද්ගලික වෙබ් අඩවිය: www.umayanga.com
ෆේස්බුක් ගිණුම: www.facebook.com/umayanga.lk
ෆේස්බුක් පිටුව: www.facebook.com/umayanga94
සත්සයුර ෆේස්බුක් පිටුව:  www.facebook.com/sathsayurapage

 
back to top