2017/12/12

Bitcoin ගැන Satoshi වලින් කතා කරමු.


Bitcoin ගැන Satoshi වලින් කතා කරමු. - Let's talk about bitcoin in satoshi ‍| සත්සයුර (www.sathsayura.lk)

2015 දි මම මුලින්ම bitcoin ගැන පෝස්ට් එකක් දානකොට හීනෙකින්වත් හිතුවෙ නෑ අද මෙහෙම පෝස්ට් එකක් දාන්න ‍ සිද්ධ වෙයි කියලා. එදා ඩොලර් 300 ට 400 ට තිබ්බ bitcoin එකක වටිනාකම අද වෙනකොට ඩොලර් 20,000 ට කිට්ටු කරලා. 
දැන් bitcoin ගැන කතා කරලා තේරුමක් තියෙනවද කියලත් වෙලාවකට කාටහරි හිතෙන්න පුළුවන්. මොකද දැන් bitcoin ගන්න නම් ලොකු මුදලක් යට කරන්න සිද්ධ වෙන නිසා. ඒත් bitcoin ගැන හොයන ගොඩක් අය හිතන දෙයක් තමයි bitcoin වලින් ලාබයක් ගන්න නම් bitcoin එකක්ම සල්ලි දීල ගන්න ඕන කියන එක. ඒක ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි. 

ඇත්තටම එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. bitcoin මේ විදිහට වැඩි වෙයි කියලා බලාපොරොත්තු තියලා තමයි bitcoin වලට satoshi කියන උප ඒකකය හඳුන්වලා දීලා තියෙන්නේ. satoshi හරියට රුපියල් වල ශත වගේ තමයි. හැබැයි ශත වලට තියෙන්නේ දශමස්ථාන 02 යි. ඒත් satoshi වලට දශමස්ථාන 08 ක් ම තියෙනවා. 

තවත් විදිහකින් කියනවා නම් රුපියල් වලදි ශත 1 ක් රුපියල් 0.01 ක් වෙනවා. ඒ විදිහටම satoshi එකක් bitcoin 0.00000001 ක් වෙනවා. 

දැන් මෙතනින් එහාට satoshi වලින්ම විස්තර කරගෙන යමු. 

මේ අවුරුද්දෙ මුලදි satoshi මිලියනයක් (0.01 BTC) ඩොලර් 10 (රු. 1,500) කට ගන්න පුළුවන්කම තිබුණා. මොකද ඒ වෙනකොට bitcoin එකක වටිනාකම ඩොලර් 1000 ක් වුණ නිසා. එහෙම කවුරුහරි අරන් තිබුණා නම් අද ඒ satoshi වල වටිනාකම ඩොලර් 150 (රු. 16,000) ක් වෙනවා. මොකද දැන් bitcoin එකක් ඩොලර් 15,000 ක් විතර වෙන නිසා. ඒ කියන්නෙ 15 ගුණයක වැඩි වීමක්. 

දැන් satoshi රුපියල් එක්ක සංසන්දනය කරලා බලමු. මුලින්ම මේ අවුරුද්දෙ මුලදි රුපියලක වටිනාකම satoshi වලින් බලමු. 

Bitcoin එකක ඒ වන විට වටිනාකම - $1,000 (රු. 150,000) 
Bitcoin එකක ඇති satoshi ගණන - දශමස්ථාන 8 ක් නිසා 100,000,000
රුපියලක වටිනාකම satoshi වලින් - 100,000,000 / 150,000 = 667 

ඒ කියන්නෙ මේ අවුරුද්දෙ මුලදි රුපියලක වටිනාකම satoshi 667 ක් වුණා. 

ඒත් අද bitcoin එකක් ඩොලර් 15,000 ට වැඩියි. දැන් බලමු අද වෙද්දි රුපියලක් satoshi කීයක් වටිනවද කියලා. 

Bitcoin එකක අද වන විට (2017 දෙසැම්බර්) වටිනාකම - $15,000 (රු. 2,400,000) 
Bitcoin එකක ඇති satoshi ගණන - දශමස්ථාන 8 ක් නිසා 100,000,000
රුපියලක වටිනාකම satoshi වලින් - 100,000,000 / 2,400,000 = 42 

අද රුපියලකට ගන්න පුළුවන් satoshi 42 යි. ඒත් මේ අවුරුද්දෙ මුලදි satoshi 667 ක් ගන්න පුළුවන් වුණා රුපියලකට. කොහොමද වෙනස?

දැන් මේ කියන්න යන්නේ අනාවැකියක්. මේක හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඒ තමයි "රුපියලක වටිනාකම නුදුරු අනාගතයේදීම satoshi 1 ට එනවා" කියන එක. 

ඒ කියන්නෙ අද රුපියලක satoshi ගත්තොත් ඔය කියන දවස වෙනකොට ඒ satoshi රුපියල් 42 ක් වටිනවා. 

ඒ කියන්නෙ කවුරුහරි රු. 1,000 ක satoshi අරන් තිබ්බොත් ඔය කියන දවස වෙනකොට ඒ satoshi රුපියල් 40,000 කට වඩා වටිනවා. 

ඒ කියන්නෙ කවුරුහරි රු. 10,000 ක satoshi අරන් තිබ්බොත් ඔය කියන දවස වෙනකොට ඒ satoshi රුපියල් ලක්ෂ 4 කට වඩා වටිනවා. 

මේ කියන දේ වෙන්න නම්  bitcoin එකක් ඩොලර් 625,000 ට යන්න ඕනේ. දැන් ඒක අහලා හිනාවෙන්න එපා. 2015 දි ඩොලර් 350 ට තිබ්බ bitcoin 2017 දි ඩොලර් 15,000 ට ගියා නම් ඔය ගාණ පන්නන්න වැඩිම වුණොත් තව අවුරුදු 02 ක් යයි. 

ඒ නිසා bitcoin ගන්න බැරි වුණා කියල කවුරුහරි දුක් වෙනව නම් අද හෙටම පොඩි ගාණක හරි කමක් නෑ bitcoin ටිකක් අරගෙන අවුරුදු 02 කට විතර අමතක කරලා දාන්න. 

මගේ ළඟ නම් දැනට satoshi මිලියන ගාණක් තියෙනවා. ඉතින් ඔයා satoshi කීයක් ගන්නවද? ;) 

තව දෙයක්. bitcoin වගේම තව altcoin සිය ගාණක් දවසින් දවස ටික ටික up වෙනවා. bitcoin miss වෙච්ච කෙනෙකුට ඒවා අරන් තියාගන්නත් පුළුවන්. 

airdrop ගැන post එකක් ලියන ගමන් ඉන්නකොට තමයි මේක කියන්න හිතුනේ. ඒ කියන්නෙ ඊළඟට අනිවාර්යෙන්ම දාන්නෙ airdrop ගැන post එක. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. 

ජයවේවා! 

 
back to top