2017/12/05

SLT Loyalty Rewards 2017 වෙතින් Free Data ගන්නෙ මෙහෙමයි!


SLT Loyalty Rewards 2017 වෙතින් Free Data ගන්නෙ මෙහෙමයි - Get free data from SLT loyalty rewards 2017 - සත්සයුර (www.sathsayura.lk)

ගොඩක් අය දන්නෙ නෑ ගෙවිච්ච සතියේ සමහරුන්ට free data හම්බ වුණේ කොහොමද කියලා. විශේෂයෙන්ම data හම්බ වෙච්ච නැති අය. පහුගිය සතියේ data හම්බ වුණේ SLT වෙබ් අඩවියේ loyalty reward program එකට ලියාපදිංචි වෙච්ච අයට විතරයි. තමන්ගේ connection එක ගත්තු දවසේ ඉඳලා දවස් ගාණ ගැනලා ඒ හැම දවසකටම 20 MB ගානෙ එකතු කරලා ආසන්න GB එකට වටයලා තමයි ඒ විදිහට data හම්බ වුණේ.

ඔයාට මේ reward එක හම්බ වුණේ නැත්නම් දුක් වෙන්න එපා. තාමත් ගන්න අවස්ථාව තියෙනවා.

Closing Date: 10/12/2017

කරන්න තියෙන්නෙ පහළ තියෙන ලින්ක් එකට ගිහින් ඉල්ලන විස්තර දීලා form එක පුරවලා ලියාපදිංචි වෙන එක විතරයි. (ADSL users ලාට විතරයි මේක හම්බ වෙන්නෙ. 4G අයට නෑ.)

http://www.slt.lk/en/content/broadband-loyalty-rewards

SLT Loyalty Rewards 2017 වෙතින් Free Data ගන්නෙ මෙහෙමයි - Get free data from SLT loyalty rewards 2017 - සත්සයුර (www.sathsayura.lk)

මේකෙ broadband username එක දෙනකොට @sltbb කියන කොටස නැතුව මුල කොටස විතරක් දෙන්න ඕනා.

දැන් ඊළඟට සමහරුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද තමන්ගේ broadband username එක හොයාගන්නෙ කියන එක. ඒක router model එක අනුව වෙනස් වෙනවා.

How to Find SLT Broadband Username?

internet connect කරලා browser එකක් open කරගන්න. (Internet Explorer නම් වඩාත් හොඳයි.)
browser address bar එකේ http:// කියන කොටස තියෙනව නම් ඒක අයින් කරලා 192.168.1.1 ටයිප් කරලා Enter කරන්න.

එතකොට router settings වලට log වෙන්න username password අහනවා. ඒකට username password දෙකටම admin කියලා ටයිප් කරලා ලොග් වෙන්න. router model එකෙන් model එකට මේ login details වෙනස් වෙනවා. පහළින් තියෙන්නෙ වැඩිපුරම භාවිතා වෙන routers කිහිපයක login details. තමන්ගේ router model එක මෙතන නැත්නම් පහළ තියෙන router brand එකට අදාළව login details දීලා බලන්න.)

ZTE W300 / TP-LINK
User: admin
Password: admin

PROLINK H5004NK
User: admin
Password: password

ZTE ZXHN H108L
User: admin
Password: [email protected]

සැළකිය යුතුයි: මෙතනින් එහාට ලැබෙන settings pages වල කිසිම වෙනස්කමක් කරන්න එපා තමන්ට ඒ settings ගැන දැනුමක් නැත්නම්. settings බලාගත්තට නම් කමක් නෑ ඒකෙන් කිසිම වෙනසක් වෙන්නෙ නැති නිසා.

ඊළඟට කරන දේවල් ටික router model එකෙන් model එකට වෙනස් වෙනවා.

මුලින්ම PROLINK routers වලදි කොහොමද broadband username එක හොයාගන්නෙ කියල බලමු.

  • උඩ තියෙන විදිහට login details දීලා ලොග් වුණාම web page එකක් එනවා. ඒකෙ Quick Setup tab එකට යන්න.
  • ලැබෙන page එකේ උඩම තියෙනවා තමන්ගේ username එක. (Ex: [email protected])

ZTE / TP-LINK routers වලට නම්,

  • උඩ තියෙන විදිහට login details දීලා ලොග් වුණාම එන web page එකේ Interface Setup tab එකට යන්න.
  • එතනම පහළින් මතු වෙනවා තව tabs 03 ක්. ඒවයින් Internet tab එකට යන්න.
  • දැන් ලැබෙන page එකේ පහළට scroll කරන් ගියාම වම් පැත්තේ තියෙන sidebar එකේ පෙන්නනවා PPPoE/PPPoA කියලා කළු පාටින්. ඒක ඉස්සරහම පහළින් ඇති Username කියලා තමන්ගේ broadband username එක. (Ex: [email protected])

කාටහරි මේ විදිහට තමන්ගේ broadband username එක හොයාගන්න බැරිනම් SLT customer care එකට කතා කරලා broadband username එක ඉල්ල ගන්නත් පුළුවන්.

මේ reward program එකේදි ගොඩක් දෙනෙක්ට free data ගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ program එකට වැඩි ප්‍රචාරයක් නොලැබුණු එක. අනික ගොඩක් අයට ඒකට join වෙන්න මේ කියන broadband username එක හොයාගන්න බැරි එක. මං හිතන්නේ මේ පෝස්ට් එකෙන් ඒ කාරණා දෙකම තරමක් දුරට මඟ හැරිලා යයි.

තමන් විතරක් මේ reward එක අරගෙන සද්ද නැතුව ඉන්න එපා. යාළුවන්ටත් මේ ගැන කියන්න. එහෙනම් මේ වගේම තවත් පෝස්ට් එකකින් ආයෙත් හම්බ වෙමු.

ජයවේවා!

 
back to top