2017/10/26

ඔබේ ආයෝජනය වෙනුවෙන් තවත් ICO කිහිපයක්


ඔබේ ආයෝජනය වෙනුවෙන් තවත් ICO කිහිපයක් - Another good ICO's for you! - සත්සයුර (www.sathsayura.lk)

ඊයෙ පෝස්ට් එක දානවත් එක්කම පහුගිය කාලෙ උගත් පාඩම් මතක් වුණා. බිත්තර සේරම එකම භාජනේ දාන්න එපා කිව්වට ඉස්සර අපිට ඒක නොකර ඉන්නම බැරි වුණා. ඉතින් අපිට වැරදුණා. හැබැයි පැරදුනේ නෑ. ලැබුණු අත්දැකීම් වලින් ඉස්සරහට වෙන්න පුළුවන් වැරදි හදාගන්න ඕනා. ඒ නිසා තමයි මේ පෝස්ට් එක දාන්නෙ.

ඊයෙ මම ETHconnect ICO එක ගැන පෝස්ට් එකක් දැම්මා. හුඟක් අය register වෙලා තිබුණා. බැරි වෙලාවත් ඒක අසාර්ථක වුණා කියමු. (කොච්චර හොඳ ව්‍යාපෘතියක් වුණත් අසාර්ථක වෙන්න බැරිකමක් නෑනේ.) එහෙම වුණොත් අපි බේරිලා ඉන්න ඕනා. ඒ නිසා තවත් ඒ වගේ ICO කිහිපයක් ගැන දාන්න හිතුවා. එක තැනක සල්ලි සේරම දානවා වෙනුවට තැන් කිහිපයක ඒ සල්ලි ටික බෙදලා දාන එක කොයිකටත් හොඳයි. එතකොට එකක් අසාර්ථක වුණත් අනික තියෙනවනෙ. එතකොට අනික් ඒවයින් අර අසාර්ථක වෙච්ච එකේ පාඩුවත් cover කරගන්න පුළුවන් වෙනවා.

ඉතින් අපි දැන් වැඩේට බහිමු. මේ පෝස්ට් එකෙන් මම දැනට ක්‍රියාත්මක වෙන ICO 5 ක් ගැන විස්තර දානවා. ඔයාලට මේ ඔක්කොගෙම හෝ කැමති කිහිපයක ආයෝජනය කරන්න පුළුවන්. මේ සේරම ඒවා මේ වෙනකොට සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන් විදිහේ ඒවා බව කියන්න ඕනා.

BTCA

තවත් හොඳ ICO එකක්. මේ වෙද්දි ටෝකන් වලින් (BTCA) 80% ක් ම විකිණිලා ඉවරයි. ඒවයේ මුළු වටිනාකම ඩොලර් මිලියන 5.8 ක්. මේකෙ සල්ලි දානව නම් අඩුම 0.02 BTC හෝ 0.2 ETH දාන්න ඕනා. join වෙනවා නම් මෙන්න ලින්ක් එක.


B2BX


මේ ICO එක ඉවර වෙන්න බොහොම කිට්ටුයි. දැනටමත් ඩොලර් මිලියන 06 ක් funds එකතු වෙලා තියෙනවා. නොවැම්බර් 17 වෙනිදායින් මේ token sale එක ඉවර වෙනවා. ලින්ක් එක පහළින් දාලා තියෙනවා. කැමති නම් එකතු වෙන්න පුළුවන්.


මේ හැම ICO එකකටම Bitcoin වලින් වගේම Ethereum වලිනුත් ගෙවීම් කරන්න පුළුවන් බව මතක් කරන්න ඕනා.

ඔන්න හොඳ ICO 02 ක් ගැන විස්තර දැම්මා. තවත් හොඳ එව්වා ගැන විස්තර ලැබුණොත් අනිවා පෝස්ට් එකක් දාන්නම්. මේවා ගැන වැඩි විස්තර අදාළ වෙබ් අඩවියට ගිහින් whitepaper එක බාගෙන කියවලා බලලා හොයා ගන්න පුළුවන්. ඒ ඇරුණම register වෙනකොට ගැටළු එනව නම් කෙළින්ම අහන්න. පුළුවන් විදිහට හැමෝටම reply කරන්න try කරනවා.

එහෙනම් ජයවේවා හැමෝටම!
 

 
back to top