2017/06/21

Bitcoin ගන්න / විකුණන්න අපෙන් ඉඩක්.


BitCoin ගන්න  විකුණන්න අමාරුද? විසඳුම අපෙන්. - Buy & Sell BTC with Sathsayura (www.sathsayura.lk)

මේ අවුරුද්දෙ මුල් දවස්වල මම Bitcoin buying & selling කළා. ඒත් පෙබරවාරි වලින් පස්සෙ ඒක නැවැත්තුවා කරන්න වෙලාවක් නැති නිසා. ඒත් දැන් හැමදාම Bitcoin ඉල්ලලා එන message requests තොගේ දැක්කම ආයෙත් කරන්න හිතෙනවා. දැනට ඉතින් එහෙම අහන හැමෝටම කියන්නෙ CEX.io සයිට් එකට ගිහින් ඒකෙන් Bitcoin ගන්න කියලා. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. මොකද CEX.io එකේ account එක හදලා verify කරගන්න ගොඩක් අමාරු නිසා.

හැබැයි CEX.io එකේ account එකක් හදලා Bitcoin ගන්න විදිහ සරල විදිහට මම ලියලා තියෙනවා. ඒ පෝස්ට් එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එහෙම Bitcoin ගන්න බැරි අයට විතරක් ආයෙත් Bitcoin අරන් දෙන්න පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.

දැනට Bitcoin එකක මිල $2500 ක් විතර වෙනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොට $5000 කට විතර කිට්ටු කරයි කියල තමයි දැනගන්න තියෙන්නෙ. ඒ නිසා දැන්ම Bitcoin ටිකක් අරන් තියාගන්න එක කොයිකටත් හොඳයිනෙ.

Buy BTC

කලින් කරද්දි මෙච්චර පිළිවෙලකට මේක කළේ නෑ. ඒත් මේ පාර ටිකක් පිළිවෙලට මේක කරන්න හිතුවා. ඒ නිසා වැඩේ වෙන්නෙ කොහොමද කියලා මේ විදිහට දාන්නම්.

Bitcoin ගන්න කැමති ඔයාට මම දෙන Commercial Bank account එකට සල්ලි දාන්න පුළුවන් වෙන්න ඕනේ. ලංකාවෙ ඕන බැංකු ශාඛාවකින් සල්ලි දාන්න පුළුවන්. එහෙම සල්ලි දාලා proof එක විදිහට payment slip එක තියාගන්න. ඉන් පස්සෙ ඒකෙ photo එකක් ගහලා facebook එකෙන් මට එවන්න ඕනේ. E-mail කළත් කමක් නෑ.

දැනට Commercial Bank account එකට සල්ලි දැම්මොත් විතරයි Bitcoin අරන් දෙන්න පුළුවන්. Payza, Paypal, eZ-Cash මේ කිසිම processor එකකින් සල්ලි බාර ගන්න බෑ දැනට.

හැමෝටම පහසු නිසා Bitcoin වල rate එක හදන්නේ Google එකේ exchange rate එකට අනුව. ඒකට transaction fees, processing fees සේරම ඇතුළත් කරලා ඩොලර් එකකට රුපියල් 165-169 අතර ගාණකට BTC අරන් දෙනවා. රුපියල් 50,000 ට වැඩියෙන් BTC ගන්නවා නම් ඩොලර් එකකට රුපියල් 160-165 අතර ගාණක් විතරයි වැටෙන්නෙ.

Bitcoin ගන්න පුළුවන් අඩුම වටිනාකම රු. 1000 යි. උපරිමය දවසකට රු. 120,000 යි. (මේ උපරිමය ඉස්සරහට වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.)

ඔයාට රුපියල් 5000 හෝ ඊට වැඩි ගාණක් Bitcoin ගන්න ඕන නම් පැය 24 ක් යන්න කලින් ඒක අරන් දෙනවා. ඒත් ඊට අඩුවෙන් ඕන නම් උපරිම දවස් දෙකක් විතර යන්න පුළුවන්. ඒත් කොහොමහරි එක දවසක් ඇතුළත Bitcoin ගෙවන්න උපරිම උත්සාහ කරනවා.

අන්තිමට ඔයාට Bitcoin ගන්න wallet එකක් තියෙන්න ඕනේ. Xapo හරියන්නෙ නෑ දැන්. මොකද ඒකෙ fees වැඩියි. ඒ නිසා CoinBase හරි Blockchain හරි පාවිච්චි කරලා wallet එකක් හදලා ඒකෙ wallet address එක අර payment slip එක එවද්දිම මට එවන්න ඕනේ. ඒකට තමයි මම Bitcoin send කරන්නේ.

Send කළාට පස්සේ තමන්ගේ address එකට Bitcoin send කරපු transaction එකේ link එක මම ඔයාට එවනවා proof එකක් විදිහට. එතකොට වැඩේ clear නේ. එහෙම Bitcoin එවලා පැය 2-6 අතර කාලයක් ඇතුළත ඒවා ඔයාගේ wallet එකට ලැබේවි.

Sell BTC

ඔයා ළඟ තියෙන Bitcoin විකුණන්න ඕන නම් ඒවට උපරිම වටිනාකමක් දෙනවා. හැබැයි ඉතින් Bitcoin විකුණන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද අනාගතේදි අදට වඩා වැඩි ගාණකට Bitcoin විකුණන්න ලැබෙන නිසා.

Google exchange rate එකට අනුව තමයි මේකත් සිද්ධ වෙන්නෙ. ඔයා එවන Bitcoin ගාණට අදාළ USD value එක Google එකෙන් ගන්නවා. ඉන් පස්සෙ USD/LKR exchange rate එක බලලා ඒකට අනුව රුපියල් වලින් සල්ලි ගෙනවනවා. Fee එක 5% ක් විතරයි. (එතකොට ඩොලර් එකකට රුපියල් 150 ක් වගේ වැටෙනවා.)

ලංකාවෙ ඕනම බැංකුවකට මට සල්ලි ගෙවන්න පුළුවන්. Commercial ගිණුමකට නම් නොමිලේම සල්ලි එවනවා. ඒත් වෙන බැංකුවකට එවනවා නම් රු. 50 ක් අය කරන්න වෙනවා. ඒක නම් ඉතින් ලොකු අවුලක් නෙවෙයිනේ?

මේකට කරන්න තියෙන්නෙ මම දෙන wallet address එකට Bitcoin එවලා ඔයාගෙ බැංකු ගිණුම් අංකයත් එක්ක ගිණුම් විස්තර ටික මට facebook එකට message කරන එක හරි E-mail කරන එක හරි විතරයි.

උපරිම දවස් දෙකක් ඇතුළත සල්ලි ගෙවනවා. දවස් දෙකක් කිව්වට එක දවසක් ඇතුළත කොහොමත් සල්ලි ගෙවන්න උපරිම උත්සාහ කරනවා.

proof එකක් විදිහට online banking වලින් ඔයාගෙ බැංකු ගිණුමට සල්ලි ගෙවපු screenshot එකක් ඔයාට එවනවා. ඉන් පස්සෙ ඔයාගෙ බැංකුවට ගිහින් සල්ලි වැටිලද කියල බලන්නයි තියෙන්නෙ.

Bitcoin ගන්න හරි විකුණන්න හරි කැමති ඔයාට කරන්න තියෙන්නෙ මට facebook එකට message එකක් දාන එක හරි E-mail එකක් එවන එක හරි විතරයි. පැය කිහිපයක් ඇතුළත reply කරන්න උපරිම උත්සාහ කරනවා. mobile number එක නම් public දෙන්න බෑ. අත්‍යවශ්‍යම වුණොත් විතරක් ඒක දෙන්න පුළුවන්.

Facebook: www.facebook.com/umayanga.lk
E-mail: [email protected]

ජයවේවා එහෙනම්!

 
back to top