2017/04/30

Furious 8 - The Fate of The Furious සිංහල උපසිරැසි සමගින්.



Fast & Furious 8 - The Fate of The Furious with Sinhala Subtitles 
වේගයට උරුම වූ දෛවය - සිංහල උපසිරැසි සමගින්

මාස කිහිපයක විවේකයකට පස්සෙ ආයෙත් ලියන්න පටන් ගන්න හදන්නෙ හැ‍මෝම එනකන් නොඉවසිල්ලෙන් බලන්න ඉන්න දෙයක් දෙන ගමන්. ඒ තමයි 2017 අප්‍රේල් 17 වෙනිදා නිකුත් වෙච්ච Fast & Furious චිත්‍රපට මාලාවේ අටවෙනි චිත්‍රපටය, එහෙමත් නැත්නම් The Fate of The Furious කියන චිත්‍රපටයේ සිංහල උපසිරැසි ‍නැත්නම් subtitle ෆයිල් එක.


සාමාන්‍යයෙන් දිගටම වගේ සත්සයුර බ්ලොග් එකේ දැම්මෙ E-money පෝස්ට් විතරයි. නමුත් මේ වගේ විශේෂ දේවලුත් ඉඳලා හිටලා මේකෙ නොදා ඉන්නෙ නෑ. Fast & Furious 7 එකටත් හැමෝටම කලින් subtitles හදලා මේ විදිහටම දාන්න අපිට පුළුවන් වුණා.

මේ පෝස්ට් එක ලියන අද වෙද්දි චිත්‍රපටය නිකුත් වෙලා තාම සති දෙකක්වත් නෑ. ඒ නිසා HD කොපියක් හොයාගන්න එක කොහොමටවත් කරන්න බැරි වැඩක්. දැනට කැමරා කොපියකට තමයි මේ subtitles හදල තියෙන්නෙ.

ඇත්තටම සතුටුයි චිත්‍රපටය ඇවිත් සති දෙකක් යන්නත් කළින් මේ වගේ subtitles දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. හැබැයි ඉතින් මේකට ලැබිච්ච English scripts නම් අන්තිමයි. එකකට එකක් ගැළපෙන්නෙ නෑ. ඒ නිසා කටහඬ අහන් ඉඳලා ගොඩක් වෙලාවට translate කරන්න සිද්ධ වුණා. කොහොමහරි වැරදි අඩු කරගෙන, චිත්‍රපටයේ රසවත් බවට හානියක් නොවෙන්න සාර්ථකව වැඩේ ඉවරයක් කරන්න පුළුවන් වුණා.

දැනටමත් subtitles නැතුවත් මේක ගොඩක් අය බලල ඇති. ඒත් තාම නොබලපු අයට පොඩ්ඩක් කතාව ගැන කිව්වොත්, ටොරේටෝට අහම්බෙන් පාරෙදි ගෑණු කෙනෙක්ව මුණ ගැහෙනවා. අහම්බෙන් කිව්වට අන්තිමට බලද්දි ඒකත් ප්ලෑන් එකක්. ඒ ගෑණු කෙනා නිසා ඩොම් තමන්ගේ කණ්ඩායමට පිටුපානවා. පිටුපානවා නෙවෙයි පිටුපාන්න සිද්ධ වෙනවා. කලින් චිත්‍රපට වලදි වගේ නෙවෙයි මේකෙදි දුෂ්ටයා වෙන්නෙ ටොරේටෝ. එහෙම වුණේ ඇයි කියන එක වගේම ටොරේටෝ ඒ ගෑණු කෙනාගෙන් බේරෙන විදිහත් චිත්‍රපටය බලලම තමයි දැනගන්න ඕනේ. මෙහෙම කිව්වට වැඩක් නෑ.

කොහොමහරි ‍‍මේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. වැරදි ගොඩක් ඇති. ඒත් මං හිතනවා දැනට තියෙන දේවල් වලින් මම උපරිම ප්‍රයෝජන අරන් චිත්‍රපටයේ අන්තර්ගතයට උපරිම සාධාරණයක් කළා කියලා.

එහෙනම් මෙන්න පහළින් ලින්ක් එක තියෙනවා බාගෙන බලන්න. HD කොපියක් හම්බ වුණොත් ඒකටත් හදලා දාන්නම්. දැනට subtitles හදපු කැමරා කොපියේ ටොරන්ට් hash එකත් මෙතනම දානවා. එහෙනම් ජයවේවා!

Created With: The.Fate.of.the.Furious.2017.HDCAM.HQMic.XVID.AC3.HQ.Hive-CM8 (1.86 GB)
#: E860C50F3340ACADBA4AA2E6CC2BEB0CAD72B54A


 
back to top