2016/06/21

ඩෙබිට් කාඩ් එකකින් RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු.


RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු. - සත්සයුර (www.sathsayura.blogspot.com)

කලින් ලිපියෙන් අපි Payza ගිණුමක් හදාගන්න හැටි ගැන කතා කළා. ඒ ගැන මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. e-Money හොයන්න පටන් ගන්න කළින් ලංකාවෙ බැංකු ගිණුමකුත් තියෙන්න ඕනා. හැම ගිණුමක්ම මේ වැඩේට හරි යන්නෙ නෑ. ඒ නිසා මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ ගැන.

RevShare වගේ සල්ලි ආයෝජනය කරලා e-Money හොයන ක්‍රම වලදි නම් අනිවාර්යෙන්ම ලංකාවෙ සල්ලි ඩොලර් වලට හරවලා වෙබ් අඩවි වල ආයෝජනය කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ හොයන සල්ලි Payza වලින් කෙළින්ම ලංකාවෙ බැංකු ගිණුමට ගෙන්න ගන්න එක වෙනම දෙයක්. ඒත් ඊට කලින් ළඟ තියෙන සල්ලි ආයෝජනය කරන්න ඕන නේ. ඒකට හොඳ බැංකු ගිණුමක් තියෙන්න ඕනා.

මේ වැඩේට තමන්ගෙ බැංකු ගිණුමට ඩෙබිට් කාඩ් එකක් තියෙන්න ඕනා. හැබැයි හැම බැංකුවෙම ඩෙබිට් කාඩ් මේකට හරි යන්නෙත් නෑ. ඒකට අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් එකක් තියෙන්න ඕනා. අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් නම් ඩෙබිට් කාඩ් එක Visa ද MasterCard ද කියන එක මෙතනට අදාල වෙන්නෙ නෑ.

හැබැයි රාජ්‍ය බැංකු (NSB, BOC, People's Bank) එකකවත් මම දන්න තරමින් අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් දෙන්නේ නෑ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට නම් මේ කියන දේ අදාල නෑ. ඕනම බැංකුවක ක්‍රෙඩිට් කාඩ් එකක් මේකට ගැළපෙනවා.

ගොඩක් පෞද්ගලික බැංකු වල නම් අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ ඩෙබිට් කාඩ් දෙනවා. HNB, Commercial ඒ අතරින් විශේෂයි. මොකද මේ e-Money ක්ෂේත්‍රයෙදි ඒ බැංකු ලංකාවෙ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය නිසා.

ඒ නිසා ඔයත් e-Money වලට බහින්න හිතන් ඉන්නව නම් HNB, Commercial වගේ බැංකුවක ගිණුමක් හදා ගන්න. ඩෙබිට් කාඩ් එකත් ගන්න. අළුත් ගිණුමක් හදනකොට කාඩ් එක එවලෙම දෙනවා. පරණ ගිණුමක නම් ඩෙබිට් කාඩ් එක ගන්න සති දෙකක් වත් යනවා. HNB වලටත් වඩා Commercial බැංකුවේ ගිණුමක් හදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු. - සත්සයුර (www.sathsayura.blogspot.com)

දැන් වෙන බැංකුවල ගිණුම් තියෙන, ඒ වගේම ඩෙබිට් කාඩ් තියෙන අය ඒක තියෙද්දි අළුත් ඒවා හදන්න ඕන නෑ. ඩෙබිට් කාඩ් එකේ ප්‍රින්ට් කරලා තියෙනවා පාරිභෝගික සේවා අංකයක්. ඒකට කතා කරලා තමන්ගේ ඩෙබිට් කාඩ් එක අන්තර්ජාල ගනුදෙනු (internet transactions) වලට support කරනවද නැද්ද කියලා අහලා දැනගන්න. එහෙම support කරන්නෙ නැත්නම් විතරක් කළින් කිව්ව බැංකුවක ගිණුමක් හදා ගන්න.

එහෙම අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එකක් තියෙන බැංකු ගිණුමක් හදා ගත්තට මදි. සාමාන්‍යයෙන් ඒ ඩෙබිට් කාඩ් වල වුණත් අන්තර්ජාල ගනුදෙනු පහසුකම අක්‍රිය කරලයි එන්නේ. ඒ නිසා ඩෙබිට් කාඩ් එකට අදාළ බැංකුවේ පාරිභෝගික සේවා අංකයට කතා කරලා අන්තර්ජාල ගනුදෙනු (internet transactions) active කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන්න ඕනේ. ඉන් පස්සේ එවලෙම ඒ පහසුකම සක්‍රිය කරගන්න පුළුවන්.

තව දෙයක්. සම්පත් බැංකුවේ ඩෙබිට් කාඩ් එකෙන් අන්තර්ජාල ගනුදෙනු කරන්න බැරි වුණාට එයාලා අන්තර්ජාල ගනුදෙනු වලටම Web Card කියලා වෙනම කාඩ් එකක් දෙනවා. රීලෝඩ් දානවා වගේ ඒකට සල්ලි දාලා අපිට අන්තර්ජාලයෙදි වියදම් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් පුළුවන් වියදම් කරන්න විතරයි. සල්ලි ආපහු ගන්න බෑ. RevShare වැඩේට නම් ඒක ගැළපෙනවා. කැමති කෙනෙකුට සම්පත් බැංකුවේ ගිණුමක් නොතිබුණත් එයින් කාඩ් එකක් ගන්න පුළුවන්.

RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු. - සත්සයුර (www.sathsayura.blogspot.com)

විශේෂයෙන් අන්තර්ජාල ගනුදෙනු වලදි ඔයාගෙ ඩෙබිට් කාඩ් එකේ රහස්‍ය අංකය පාවිච්චි වෙන්නෙ නෑ. ඒ වෙනුවට කාඩ් එකේ පිටිපස්සෙ අත්සන ළඟ තියෙන ඉලක්කම් තුන (CVV code) වගේම ෆෝන් එකට එන කෝඩ් එකක් තමයි පාවිච්චි වෙන්නෙ. ඒ කියන්නෙ අපි අන්තර්ජාලයෙන් ගනුදෙනු කරනකොට අපේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. අපි ඒක බලලා අදාළ වෙබ් අඩවියට ඒ කෝඩ් එක දෙනකන් ගනුදෙනුව වෙන්නේ නෑ. ඒක මේ මෑතකදි ආපු හොඳ ආරක්ෂක ක්‍රියාමාර්ගයක්.

RevShare වල ආයෝජනය කරලා e-Money හොයන්න ලෑස්ති වෙමු. - සත්සයුර (www.sathsayura.blogspot.com)

ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. එහෙම නම් ඔය කිව්ව විදිහේ බැංකු ගිණුමක් හදාගෙන ඩෙබිට් කාඩ් එකේ අන්තර්ජාල ගනුදෙනු සක්‍රිය කරගෙන e-Money හොයන්න ලෑස්ති වෙන්නයි තියෙන්නේ.

මෙහෙම ඩෙබිට් කාඩ් එකක් හදා ගන්න එක e-Money නොකරන කෙනෙකුට වුණත් ප්‍රයෝජනවත් වෙනවා. අන්තර්ජාලයෙන් විදුලි බිල්, ෆෝන් බිල් ගෙවන්න, හදිස්සියට රීලෝඩ් එකක් දාගන්න වගේම ebay හරහා බඩු ගෙන්නන්නත් අන්තර්ජාල ගනුදෙනු සක්‍රිය කරපු ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා e-Money නොකළත් මේ වගේ ඩෙබිට් කාඩ් එකක් ළඟ තියෙන එක වටිනවා.

එහෙමනම් දැන් e-Money හොයන්න කලින් කරන්න ඕන දේවල් සේරම වගේ කියලා ඉවරයි. දැන් තියෙන්නෙ e-Money හොයන්න පටන් ගන්න එක. ඒ ගැන තොරතුරුත් එක්ක ඊළඟ ලිපියෙන් හම්බ වෙමු.

 
back to top