2015/06/15

Tavultesoft Keyman, KeyRep, Sinhala Link දාගෙන හරියට සිංහල ටයිප් කරමු


Tavultesoft Keyman, KeyRep, Sinhala Link දාගෙන හරියට සිංහල ටයිප් කරමු (Type Sinhala correctly using Tavultesoft Keyman, KeyRep and Sinhala Link - Free Download) - www.sathsayura.com

සිංහල ටයිප් කරන අයට බොහොම වැදගත් software එකක් තමයි Keyman කියන්නෙ. Photoshop, Office, Illustrator වගේ විජේසේකර කීබෝඩ් එකෙන් සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා වලදි හරියට සිංහල ටයිප් කරන්න Keyman ඕන වෙනවා.

ඔය කියන සොෆ්ට්වෙයා වලදි නැවතීමේ තිතයි කොමාවයි ටයිප් කරන හැටි මේ බ්ලොග් එකට නිතරම යන එන අය නම් හදාගෙන ඇති කියල හිතනවා. ඒක ගැන දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් ඒ පෝස්ට් දෙක කියවල බලන්න.

මේ Keyman 6.0 සංස්කරණය තමයි බාගන්න දෙන්න හදන්නෙ. ඒ වුණාට මේක ඕනම වින්ඩෝස් සංස්කරණයක් එක්ක වැඩ කරනවා. Windows 7, 8, 8.1 මේ හැම එකකම මේක අත්හදා බලල තියෙනවා.

මේකෙන් වැඩ කරන්න හරිම ලේසියි. සිංහල ටයිප් කරන්න ඕන වුණාම Keyman icon එක ක්ලික් කරල සිංහල අකුර (ආ) තෝරන්න තියෙන්නෙ. මං නම් ඒකට keyboard shortcut එකකුත් දාගෙන තියෙන හැටි පහළ පින්තූරෙන් පේනව ඇති. එහෙම shortcut එකක් දාගන්න ඕන නම් Keyman icon එක right click කරල Keyman Configuration ක්ලික් කළාම එන window එකෙන් ඒක කරගන්න පුළුවන්.

Tavultesoft Keyman, KeyRep, Sinhala Link දාගෙන හරියට සිංහල ටයිප් කරමු (Type Sinhala correctly using Tavultesoft Keyman, KeyRep and Sinhala Link - Free Download) - www.sathsayura.com

ඉන්ටර්නෙට් එකේ හැම Windows version එකකටම හරියට Keyman version එකක් හොයා ගන්න එක එච්චර ලේසි නෑ. ඒ නිසා මේක බාගෙන තියා ගන්න එකත් වටිනවා. Keyman 6.0 පහළ තියෙන button එක ක්ලික් කරල බා ගන්න පුළුවන්.



Keyman විතරක් නෙවෙයි, හරියට සිංහල ටයිප් කරන්න උදව් වෙන තව සොෆ්ට්වෙයා තියෙනවා. KeyRep, Sinhala Link කියන්නෙ ඒවයින් ප්‍රසිද්ධ සොෆ්ට්වෙයා දෙකක්. මේව නම් portable විදිහටයි තියෙන්නෙ. ඒ කියන්නෙ ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ. සිංහල ටයිප් කරද්දි සොෆ්ට්වෙයා එක run වෙන්න විතරයි ඕනා. ඒ වුණත් කියන්න ඕනා Keyman තරම් නම් මේ සොෆ්ට්වෙයා සාර්ථක නැති බව. මේ සොෆ්ට්වෙයා දෙකත් ඕන නම් මේ පහළ තියෙන ලින්ක් වලින් ගිහින් බා ගන්න පුළුවන්.


සිංහල ටයිප් නොකරන වෙලාවට මතක ඇතුව Keyman නම් off කරන්න. අනිත් සොෆ්ට්වෙයා නම් close කරන්න. නැත්නම් හරියට ඉංග්‍රීසි ටයිප් කරගන්න බැරි වෙයි.

සිංහල ටයිප් කරන සුපිරි වැඩකාරයන්ට නම් මේ සොෆ්ට්වෙයා මොකුත් ඕන නෑ. මොකද එයාලට keystroke codes මතකයි. ඒ කියන්නෙ එක එක අකුරු වලට කෝඩ් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට “ළු“ ටයිප් කරන්න නම් Alt + 0191 ටයිප් කළාම හරි. මේ කියන keystrokes බලාගන්න Character Map ගිහින් Advanced View කියන checkbox එකට tick mark එක දැම්මම හරි. ඕන කරන ෆොන්ට් එක තෝරල ඕන කරන අකුර උඩ ක්ලික් කළාම window එක යට දකුණු පැත්තෙන් keystroke එක පෙන්නනවා. ඒ ඇරුණම Character Map එකෙන් ඕන කරන අකුර copy කරල අවශ්‍ය තැනට paste කරන්නත් පුළුවන්.

Tavultesoft Keyman, KeyRep, Sinhala Link දාගෙන හරියට සිංහල ටයිප් කරමු (Type Sinhala correctly using Tavultesoft Keyman, KeyRep and Sinhala Link - Free Download) - www.sathsayura.com

මේ කියපු දේවල් අදාළ වෙන්නෙ විජේසේකර කීබෝඩ් එකෙන් Photoshop, Office Package, Illustrator, Corel Draw වගේ සොෆ්ට්වෙයා වල සිංහල ටයිප් කරන අයට විතරයි. unicode එහෙමත් නැත්නම් වෙබ් බ්‍රව්සර් වගේ තැන්වල සිංහල ටයිප් කරද්දි මේවා අදාළ වෙන්නෙ නෑ. unicode typing ගැන ළඟදිම වෙනම පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන ප්‍රශ්නයක් තියෙනව නම් පහළින් කමෙන්ට් එකක් දාන්න.

 
back to top