2015/06/08

බ්‍රව්සර් එකේ සිංහල ෆොන්ට් එක මාරු කරගන්න


Change Sinhala font in Firefox or Google Chrome web browsers - www.sathsayura.com

වෙබ් බ්‍රව්සර් එකේ හැමදාම එකම සිංහල ෆොන්ට් එක දැකල එපා වෙලාද? වෙනසක් කළොත් නරකද? අද කියන්න යන්නෙ වෙබ් බ්‍රව්සර් එකේ සිංහල ෆොන්ට් එක විතරක් මාරු කරගන්න හැටි ගැන.

Iskola Potha ෆොන්ට් එක තමයි ගොඩක් දුරට බ්‍රව්සර් වල සිංහල පෙන්නන්න පාවිච්චි කරන්නෙ. ඒ ෆොන්ට් එකෙන් සිංහල පෙන්නන විදිහ මේ විදිහට වෙනස් කළොත් ලස්සනයි වගේම අකුරුත් ගොඩක් පැහැදිලියි.

Change Sinhala font in Firefox or Google Chrome web browsers - www.sathsayura.com

මේ තියෙන්නෙ ගොඩක් අය දන්න අඳුනන කෙනෙකුගෙ ෆේස්බුක් පෝස්ට් එකක්.

Change Sinhala font in Firefox or Google Chrome web browsers - www.sathsayura.com

දැන් අපි මේක කරන විදිහ ගැන බලමු. මුලින්ම අදාළ ෆොන්ට් එක, ඒ කියන්නෙ Malithi Web ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනා. මෙතනින් ගිහින් ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න.

දැන් ෆොන්ට් එක කොම් එකට ඉන්ස්ටෝල් කරගන්න. font file එක right click කරලා Install දෙන එක තමයි ලේසිම ක්‍රමේ.

අපි පාවිච්චි කරන ප්‍රධාන බ්‍රව්සර් 2 ක් තියෙනවා. එකක් Firefox. අනිත් එක Chrome. මේ බ්‍රව්සර් දෙකට විතරයි මේ ෆොන්ට් එක හදාගන්න විදිහ දාන්නෙ. අනිත් එව්වා ඉතින් වැඩිය භාවිතයේ නෑනෙ. ඒවට වුණත් මේ බ්‍රව්සර් දෙකේ ෆොන්ට් එක හදන විදිහටම තමයි වෙනස්කම් කරන්න තියෙන්නෙ. ඕන නම් ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙයි.

Firefox වලට...

  • බ්‍රව්සර් එකේ අළුත් tab එකක් අරන් address bar එකේ about:preferences#content කියල ටයිප් කරල Enter කරන්න. (හැමෝගෙම Firfox අළුත් version එක ඇති කියල හිතනවා. පරණ version එකක් නම් Tools > Options > Content තමයි.)
  • ආපු පේජ් එකේ Fonts & Colors කියල තැනක් ඇති. ඒ ඉස්සරහින් තියෙන Advanced... කියන button එක click කරන්න.
  • එතකොට dialog box එකක් එනවා. ඒකෙ Fonts for: කියන තැනින් Sinhala තෝරලා පහළ තියෙන විදිහට Malithi Web ෆොන්ට් එක Serif, Sans-Serif, Monospace කියන තැන් වලට දීල OK කරන්න.
    දැන් ඒ tab එක close කරල සිංහල සයිට් එකකට ගිහින් වෙනස බලන්න.

Change Sinhala font in Firefox or Google Chrome web browsers - www.sathsayura.com

Chrome වලට...

Chrome වලට නම් extension එකකුත් තියෙනවා මේ වැඩේට. ඒත් ඒක වැඩ කළේ නෑ devices කිහිපයකම අත්හදා බැලුවත්. ඒ නිසා extension එක නැතුව ෆොන්ට් එක හදාගන්න හැටි තමයි මේ දාන්නෙ. extension එක ඕන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් ගන්න පුළුවන්.

  • බ්‍රව්සර් එකේ අළුත් tab එකක් අරන් address bar එකේ chrome://settings/fonts කියල ටයිප් කරල Enter කරන්න. 
  • එතකොට dialog box එකක් එනවා. ඒකෙ පහළ තියෙන විදිහට Malithi Web ෆොන්ට් එක Standard font, Serif font, Sans-Serif font කියන තැන් වලට දීල Done button එක click කරන්න. 
  • දැන් බ්‍රව්සර් එක restart කරල සිංහල සයිට් එකකට ගිහින් වෙනස බලන්න.

Change Sinhala font in Firefox or Google Chrome web browsers - www.sathsayura.com



Chrome වල මේක කරද්දි ඉංග්‍රීසි ෆොන්ට් එක සමහර පරණ version වල වෙනස් වෙන්න පුළුවන්. ඒත් අළුත් එකේදි නම් එහෙම වෙන්නෙ නෑ. ඔන්න එහෙනම් අද ඉඳලා අළුත් ෆොන්ට් එකකින් බ්‍රව්සර් එකේ සිංහල කියවන්න පුළුවන්.

 
back to top