2013/04/16

අළුත් අවුරුද්ද සහ දිඹුල් පත්

Happy new year!
සුබ අළුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ අළුත් අවුරුද්ද බතින් බුලතින්, කිරෙන් පැණියෙන් විතරක් නෙවෙයි වැඩක් ඇති, හරයක් ඇති බ්ලොග් පෝස්ට් වලිනුත් පිරිල ඉතිරිලා යන අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. :) මේ දවස් ටිකේ සෑහෙන රස්නයක් තිබ්බත් වැස්ස අඩු නිසා අළුත් අවුරුද්දෙ වෙනදට වඩා යමක් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ පාර නැකත් ටික තිබ්බෙත් හොඳ වෙලාවල් වලදි.


2013/04/02

ලංකාවෙ කොල්ලෙක්ගෙන් ගින්දර වගේ Audio Player එකක් (SuraZ MP3 Audio Player)



කාලෙකට පස්සේ අද තමයි මට මතක් වුණේ මටත් බ්ලොග් එකක් තියෙනව නේද කියලා. ඉතින් නිකමට වගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල බැලුවා. මෙන්න hits 10,000 ත් පැනලා! බලාගෙන ගියහම මොකුත් ලිව්වෙ නැතත් බ්ලොග් එක පැත්තෙ යන එන අය ඉන්නවනෙ..! කොහොමහරි කමක් නෑ. මගෙ බ්ලොග් එකට එක පාරක් හරි ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

 
back to top