2013/01/27

DC Unlocker Full Portable Version එකෙන් ඕන ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න


මේ දවස්වල දිග පෝස්ට් එකක් වැටෙන්නෙම නෑ. පේළියෙන් දෙකෙන් ඉවර වෙන පෝස්ට් ම තමයි වැටෙන්නෙ. අදත් තියෙන්නෙ ඒ වගෙම එකක් තමයි. මේ කාලෙ ලංකාවෙ කට්ටියගෙ ඩොන්ගල් ගැනිල්ල නම් කියලා වැඩක් නෑ. දැන් ඔය ගන්න ඒවයින් ගොඩක් ඒව අන්ලොක් කළේ නැත්නම් ඒ ඩොන්ගල් ගත්ත අයට නින්ද යන්නෙ නෑලු.

2013/01/21

ලේසියෙන්ම වෙබ් සයිට් හදන්න Web Page Maker 3.2 Full

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ ඉසව්ව බ්ලොග් එකෙන් දෙන පළවෙනි මෘදුකාංගය දෙන්නයි යන්නෙ. මේ මාසෙ ගොඩක් අය මගෙන් මේ සොෆ්ට්වෙයා එක ඉල්ලුවා. ඒත් ඉල්ලපු ගමන් දෙන්න මගෙ ළඟ සොෆ්ට්වෙයා එක තිබ්බෙ නෑ. කොහොමහරි පුළුවන් තරම් ඉක්මනට තමයි මේ විදිහට පෝස්ට් එකක් දාලා සොෆ්ට්වෙයා එක දෙන්නෙ.

මේක වෙබ් ඩිසයින් කරන අයට ගොඩක් වටිනවා. ඒ වගේම මේක එයාල අතර ගොඩක් ජනප්‍රිය යි. එච්චර ලොකු සොෆ්ට්වෙයා එකක් නොවුණත් මේකෙන් වෙබ් ඩිසයින් වලදි සැළකිය යුතු දෙයක් කරන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕන නෑ. පහළින් තියෙනවා බාගන්න ලින්ක් එක. ඒ වගේම ඒ ෆයිල් එක ඇතුළෙ සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන්න serial keys වගේම keygen එකකුත් දාල තියෙනවා. එහෙනම් ඕන අය බා ගන්නකො! ආ.. ඇක්ටිව් කරන්න අමාරු නම් කමෙන්ට් එකක් දාන්න. අපි හැමදාම online!!!



ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඉසව්වට උදව් කරන්න...!

2013/01/18

සොෆ්ට්වෙයා එකක් දාගෙන මොකුත් නොකර ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු.



2013 පටන් අරන් දැන් සති තුනක් ගිහින්. ඉසව්ව කියවන යාළුවන්ට සුබ අළුත් අවුරුද්දක් කියල කියන්න ලැබෙන්නෙ දැන් තමයි. මොකද මම මේ දවස්වල එච්චර හොඳ තත්වෙක නෙවෙයි ඉන්නෙ. මොලේ ඔක්කොම අවුල් වෙලා. කොහොමහරි ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක ලියන්න හිතුනා. පහුගිය මාස දෙක තුනේම බ්ලොග් එක හරියට වැඩ කළේ නෑ. ස්ක්‍රිප්ට් වෙනස් කරන්න ගිහින් බ්ලොග් එක අවුල් ජාලයක් වුණා. ඔන්න ඉතින් කොහොමහරි කොච්චර වැඩ තිබිබත් අළුත් වැඩ කෑලි ටිකක් දාල එහෙම අළුත් අවුරුද්දෙ වැඩ පටන් ගන්නයි ලෑස්ති වෙන්නෙ.

මේ බ්ලොග් එකේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන හැටි දාන්න මගෙ එච්චර කැමැත්තක් නෑ. මොකද ඒ ගොඩක් දේවල් අමූලික බොරු නිසා. ඒත් මට මේ ගැන ලියන්න හිතුනෙ ඒක හිතට වැදිච්ච වැඩක් හින්දා.

මේකෙදි වැඩි දෙයක් කරන්න නෑ. පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාගෙ ඊ-මේල් ලිපිනය දීල රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ ඒ දීපු ලිපිනයට ඊ-මේල් එකක් එනවා සොෆ්ට්වෙයා එකක ලින්ක් එකක් එක්ක. ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. එච්චරයි. අපි ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට අනුව අපිට සල්ලි ලැබෙනවා. ක්ලික් ‍කරන්න කිසිම දෙයක් නෑ. 20$ එකතු වුණාම Paypal වලින් cashout කරගන්න පුළුවන්.

ඇත්තම කියනවා නම් මම තාම මේකෙන් cashout කරලා නෑ. ඒත් මේකෙ reviews නරක නෑ. ඒක හින්දා බය වෙන්න දෙයක් නෑ. අනික අපිට මහන්සි වෙන්නවත් කාලෙ නාස්ති කරන්නවත් වෙන්නෙ නෑනෙ මේක නිසා. එහෙනම් ගිහිල්ලම බලන්නකෝ!

http://goo.gl/gHOZv

ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඉසව්වට උදව් කරන්න...!

 
back to top