2013/11/05

ෆේස්බුක් ඇඩ් ඉවත්කර ෆේස්බුක් වේගවත් කරමු.


Facebook Ad Block (www.isawwalanka.com)

GIT නම් ඉවර වුණා. ඒකට ඉසව්වෙන් කරපු වැඩෙන් කට්ටිය සෑහෙන ප්‍රයෝජන ගත්තු බව බ්ලොග් එකේ පිටු පෙරළුම් ගාන දැක්කම දැන ගන්න පුළුවන්. ඒ ව‍ගේම ගොඩක් අය පෞද්ගලිකවත් ඒ ගැන කිව්වා. කොහොමහරි දැන් ඒක ඉවරනෙ. කාටහරි GIT විභාගයෙ උත්තර ටික ඕන නම් මෙතනින් ගිහින් ගන්න පුළුවන්. ඒක බ්ලොග් එකේ දාල තේරුමක් නැති නිසා අපේ ෆේස්බුක් පිටුවට දැම්මා.

2013/10/26

A/L GIT ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර (Model Papers)


IT Future (www.isawwalanka.com)

ඔන්න කිව්ව විදිහටම GIT ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රත් (Model Papers) දානවා. කලින් අපි GIT පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) දුන්න නෙ. ඒ ටික ගන්න බැරි වුණා නම් මෙතනින් ගන්න.

2013/10/25

A/L GIT Syllabus & TIM - A/L GIT විෂය නිර්දේශය හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය


Keyboard (www.isawwalanka.com)


මෙන්න තියෙනවා GIT මුළු විෂය නිර්දේශයම. මේක බාගෙන කියවලා විභාගෙට ගියොත් අනිවා A එකක් දාගන්න පුළුවන්. භාෂා දෙකෙන්ම දාල තියෙන්නෙ සමහර වචන වල සිංහල, ඉංග්‍රීසි තේරුම හරියටම දැනගන්න. එහෙනම් බාගෙනම බලන්න. ඊළඟට model paper ටිකකුත් දාන්න බලන්නම්. ඉසව්වෙන් දෙන ඩවුන්ලෝඩ් ලින්ක් වේගවත් වගේම බාගන්න පහසු ඒව වෙනව ඇති කියල බලාපොරොත්තු වෙනවා.

A/L GIT පරිගණක ජාලකරණය


Computer Network (www.isawwalanka.com)

මේ පෝස්ට් කරන්නෙ කෙටි පාඩමක්. ඒ වුණාට හැමදාම මෙතනින් ප්‍රශ්න අහනවා. වැඩි කතා ඕන නෑ. එහෙනම් අපි පාඩමට යමු.

A/L GIT දත්ත සන්නිවේදනය


Communication (www.isawwalanka.com)

GIT හින්ද ඉසව්ව පිටු පෙරළුම් 30,000 ත් පැනල ඈ..! හැමෝටම තෑන්ක්ස් කරන ගමන් දත්ත සන්නිවේදනය ගැන කතා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. අපිට තව බොහොම ටිකයි කතා කරන්න තියෙන්නෙ GIT වල.

2013/10/24

A/L GIT තොරතුරු පද්ධති


(www.isawwalanka.com)

මේව නම් මොනවට GIT වලට දාල තියෙනවද මන්දා. මොනව කරන්නද ඉතින් ඉගෙන ගන්න එපැයි. මේකට අදාලව තියෙන හෑල්ල දාන්න නම් බ්ලොග් පෝස්ට් 5-6 ක් වත් ලියන්න වෙයි. ඒ නිසා ඕනම ටික කෙටියෙන් මේ විදිහට දානවා.

2013/10/23

A/L GIT මෘදුකාංග වර්ගීකරණය


Open Source Software (www.isawwalanka.com)

e-money වල පොඩි වැඩ වගයක් නිසා ඊයෙ පෝස්ට් එකක් ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ. GIT වල සෑහෙන කොටස් ටිකක් දැන් අපි කතා කළා. දැන් ඉසව්ව තමයි ලංකාවෙ වැඩිම GIT පාඩම් තියෙන, ඒ ව‍ගේම ලේසියෙන්ම GIT ඉගෙන ගන්න පුළුවන් පාඩම් තියෙන වෙබ් අඩවිය වෙලා තියෙන්නෙ. අපි මෙතනින් නවතින්නෙ නෑ. තව ගොඩක් දේවල් ඉදිරියෙදි ඉසව්වෙන් බලා ගන්න පුළුවන්.

2013/10/21

තාර්කික ද්වාර (Logic Gates for A/L GIT)


Logic Gates Board (www.isawwalanka.com)

මෙන්න GIT විෂයයේ තියෙන ප්‍රසිද්ධම කොටස! ඒ මොකද කියනව නම් සමහරුන්ට GIT කියනකොටම මතක් වෙන්නෙ මේ තාර්කික ද්වාර ගැන. අමාරුයි කියල හිතන් හිටියට තාර්කික ද්වාර ගැන වැඩි දෙයක් නෑ GIT වලදි. O/L ICT වලදි නම් ද්වාර 7 ක් ඉගෙන ගන්න තියෙනවා. ඒත් GIT වල ඉගෙන ගන්න තියෙන්නෙ ද්වාර 3 ක් විතරයි.

සංඛ්‍යා පද්ධති (Number Systems for A/L GIT)


Binary Numbering System (www.isawwalanka.com)

GIT වල මම කැමතිම පාඩමක් තමා මේ සංඛ්‍යා පද්ධති. GIT වලදි සංඛ්‍යා පද්ධති 4 ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ඒව අතර පරිවර්තනත් ඉගෙන ගන්න තියෙනවා. පරිගණක පාඨමාලා කරන්න ගියාම ගොඩක් අයට මේ පාඩම අමාරු වෙනවා. ඉතින් එයාල කරන්නෙ පාඨමාලාව නවත්තලා දාන එක. ඒත් මේක ඒ තරම් අමාරු නෑ. මේ පෝස්ට් එකෙන් සංඛ්‍යා පද්ධති වලට අද‍ාළ කරුණු සේරම අපි කත‍ා කරල ඉවර කරනවා.

පරිගණකයක කොටස් හා එහි ව්‍යුහය


HP TouchSmart Personal Computer (www.isawwalanka.com)

මේක නම් විෂය නිර්දේශයෙ උගන්නන්න කියල නෑ. ඒත් මේ පරිගණකයක කොටස් අඳුරන්නෙ නැති අයත් ඕන තරම් ඉන්නවනෙ. ඉතින් පොඩ්ඩක් පරිගණකයක කොටස් ගැනත් මතක් කරන්න හිතුනා.

2013/10/20

A/L GIT පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers)



විභාගෙ ලියන්න කලින් past papers දෙකක් තුනක් කරන එක කෙසේ වෙතත් ප්‍රශ්න එන හැටි වත් දැන ගන්න බලාගෙන යන එක වුණත් වටිනවනෙ. ඉතින් past papers ටිකක් දාන්න හිතුවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. සමහර papers කඩ්ඩෙන් තියෙන්නෙ. කමක් නෑ, සිංහල papers විතරක් හරි කරන්නකො.

2013/10/18

පරිගණකයක මූලික ක්‍රියාකාරීත්වය කැටි සටහනකින් විස්තර කිරීම.


Computer & a girl (A/L GIT post)

මේ පාර GIT විභාගෙට නම් තව සතියයි. මේ පාර නම් විභාගෙට කලින් සෑහෙන කරුණු ටිකක් බ්ලොග් එකට දා ගන්න පුළුවන් වුණා. GIT වල අපිට තව ගොඩක් කතා කරන්න නෑ. තව පෝස්ට් 4ක් 5ක් ලියද්දි විෂය නිර්දේශයෙන් 80% ක් විතර ඉවර කරන්න පුළුවන් වෙයි. ඇයි අවුල්ද? අපේ හැටි එහෙමයි. හැබැයි එහෙමයි කියලා අපි විෂය නිර්දේශයෙ තියෙන කිසිම දෙයක් හලන්නෙ නෑ.

2013/09/16

භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය


Computer and children

අපි කලින් ලිපි වලින් පරම්පරාව අනුව, සිදු කරන කාර්යය අනුව, තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණය කළා. මේ ලිපියෙන් අන්තිම පරිගණක වර්ගීකරණය විදිහට භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය ඉදිරිපත් කරනවා.

2013/09/09

සිදු කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය


මේ කියන්න යන්නෙ තවත් පරිගණක වර්ගීකරණයක් ගැන. මේ ගැන කතා කළාම තවත් ඉතුරු වෙන්නෙ එක පරිගණක වර්ගීකරණයක් විතරයි. ඊට කළින් සිදු කරන කාර්යය (purpose) අනුව පරිගණක වර්ගීකරණය තමයි මේ ලිපියෙන් කතා කරන්නෙ. කලින් ලිපියෙදි කතා කරපු තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණයෙ තිබුණ Digital computers (සංඛ්‍යාංක පරිගණක) තමයි මේ වර්ගීකරණයෙන් කොටස් දෙකකට බෙදෙන්නෙ. 

තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණය


ගිය අවුරුද්දෙ GIT ගැන ලිපියක් දැම්මට පස්සෙ අද තමයි ආයෙත් ලියන්න ගිතුනෙ. මොකද මේ පාර GIT වි‍භාගෙ අත ළඟටම ඇවිල්ල නිසා. බ්ලොග් එකේ GIT ගැන මහ ගොඩක් ගිය අවුරුද්දෙ දාල නොතිබ්බත් තිබ්බ ටික වැදගත් කියල ගොඩක් අය කිව්වා. ඒ නිසයි මේ පාර ලියන අයටත් මොනවහරි ප්‍රයෝජනයක් ගන්න මේ විදිහට තවත් ලිපි ටිකක් පල කරන්නෙ.

2013/05/25

අපේ බ්ලොග් එකෙන් බා ගන්න දෙන ෆයිල් එක ක්ලික් එකෙන් බා ගන්න හදමු.

Google Code - Hosting Place For Blogger
Free Hosting For Blogger
යන්තම් වෙලාවක් හම්බ වුණා පෝස්ට් එකක් ලියා ගන්න. මේ කියන්න යන දේ නම් ගොඩක් වැදගත් වෙන්නෙ බ්ලොග් ලියන අපේ කට්ටියට. එහෙමයි කියලා අනෙක් අයටත් මේකෙ වැදගත්කමක් නැත්තෙමත් නෑ. එහෙනම් කියවලම බලන්නකෝ...

2013/05/23

දම් සිසිලෙන් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
අළුත් අවුරුද්දෙන් පස්සෙ අද තමා පෝස්ට් එකක් ලියා ගන්න හම්බ වු‍ණේ. හම්බ වෙච්ච අවස්ථාවෙන් වෙසක් උත්සවේට සුබ පතන්න මම තීරණය කළා. මොකද ආයෙ කවදා පෝස්ට් එකක් ලියවෙයිද දන්නෙ නෑනෙ! :)


2013/04/16

අළුත් අවුරුද්ද සහ දිඹුල් පත්

Happy new year!
සුබ අළුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ අළුත් අවුරුද්ද බතින් බුලතින්, කිරෙන් පැණියෙන් විතරක් නෙවෙයි වැඩක් ඇති, හරයක් ඇති බ්ලොග් පෝස්ට් වලිනුත් පිරිල ඉතිරිලා යන අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. :) මේ දවස් ටිකේ සෑහෙන රස්නයක් තිබ්බත් වැස්ස අඩු නිසා අළුත් අවුරුද්දෙ වෙනදට වඩා යමක් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ පාර නැකත් ටික තිබ්බෙත් හොඳ වෙලාවල් වලදි.


2013/04/02

ලංකාවෙ කොල්ලෙක්ගෙන් ගින්දර වගේ Audio Player එකක් (SuraZ MP3 Audio Player)



කාලෙකට පස්සේ අද තමයි මට මතක් වුණේ මටත් බ්ලොග් එකක් තියෙනව නේද කියලා. ඉතින් නිකමට වගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල බැලුවා. මෙන්න hits 10,000 ත් පැනලා! බලාගෙන ගියහම මොකුත් ලිව්වෙ නැතත් බ්ලොග් එක පැත්තෙ යන එන අය ඉන්නවනෙ..! කොහොමහරි කමක් නෑ. මගෙ බ්ලොග් එකට එක පාරක් හරි ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

2013/01/27

DC Unlocker Full Portable Version එකෙන් ඕන ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න


මේ දවස්වල දිග පෝස්ට් එකක් වැටෙන්නෙම නෑ. පේළියෙන් දෙකෙන් ඉවර වෙන පෝස්ට් ම තමයි වැටෙන්නෙ. අදත් තියෙන්නෙ ඒ වගෙම එකක් තමයි. මේ කාලෙ ලංකාවෙ කට්ටියගෙ ඩොන්ගල් ගැනිල්ල නම් කියලා වැඩක් නෑ. දැන් ඔය ගන්න ඒවයින් ගොඩක් ඒව අන්ලොක් කළේ නැත්නම් ඒ ඩොන්ගල් ගත්ත අයට නින්ද යන්නෙ නෑලු.

2013/01/21

ලේසියෙන්ම වෙබ් සයිට් හදන්න Web Page Maker 3.2 Full

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ ඉසව්ව බ්ලොග් එකෙන් දෙන පළවෙනි මෘදුකාංගය දෙන්නයි යන්නෙ. මේ මාසෙ ගොඩක් අය මගෙන් මේ සොෆ්ට්වෙයා එක ඉල්ලුවා. ඒත් ඉල්ලපු ගමන් දෙන්න මගෙ ළඟ සොෆ්ට්වෙයා එක තිබ්බෙ නෑ. කොහොමහරි පුළුවන් තරම් ඉක්මනට තමයි මේ විදිහට පෝස්ට් එකක් දාලා සොෆ්ට්වෙයා එක දෙන්නෙ.

මේක වෙබ් ඩිසයින් කරන අයට ගොඩක් වටිනවා. ඒ වගේම මේක එයාල අතර ගොඩක් ජනප්‍රිය යි. එච්චර ලොකු සොෆ්ට්වෙයා එකක් නොවුණත් මේකෙන් වෙබ් ඩිසයින් වලදි සැළකිය යුතු දෙයක් කරන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕන නෑ. පහළින් තියෙනවා බාගන්න ලින්ක් එක. ඒ වගේම ඒ ෆයිල් එක ඇතුළෙ සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන්න serial keys වගේම keygen එකකුත් දාල තියෙනවා. එහෙනම් ඕන අය බා ගන්නකො! ආ.. ඇක්ටිව් කරන්න අමාරු නම් කමෙන්ට් එකක් දාන්න. අපි හැමදාම online!!!



ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඉසව්වට උදව් කරන්න...!

2013/01/18

සොෆ්ට්වෙයා එකක් දාගෙන මොකුත් නොකර ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු.



2013 පටන් අරන් දැන් සති තුනක් ගිහින්. ඉසව්ව කියවන යාළුවන්ට සුබ අළුත් අවුරුද්දක් කියල කියන්න ලැබෙන්නෙ දැන් තමයි. මොකද මම මේ දවස්වල එච්චර හොඳ තත්වෙක නෙවෙයි ඉන්නෙ. මොලේ ඔක්කොම අවුල් වෙලා. කොහොමහරි ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක ලියන්න හිතුනා. පහුගිය මාස දෙක තුනේම බ්ලොග් එක හරියට වැඩ කළේ නෑ. ස්ක්‍රිප්ට් වෙනස් කරන්න ගිහින් බ්ලොග් එක අවුල් ජාලයක් වුණා. ඔන්න ඉතින් කොහොමහරි කොච්චර වැඩ තිබිබත් අළුත් වැඩ කෑලි ටිකක් දාල එහෙම අළුත් අවුරුද්දෙ වැඩ පටන් ගන්නයි ලෑස්ති වෙන්නෙ.

මේ බ්ලොග් එකේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන හැටි දාන්න මගෙ එච්චර කැමැත්තක් නෑ. මොකද ඒ ගොඩක් දේවල් අමූලික බොරු නිසා. ඒත් මට මේ ගැන ලියන්න හිතුනෙ ඒක හිතට වැදිච්ච වැඩක් හින්දා.

මේකෙදි වැඩි දෙයක් කරන්න නෑ. පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාගෙ ඊ-මේල් ලිපිනය දීල රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ ඒ දීපු ලිපිනයට ඊ-මේල් එකක් එනවා සොෆ්ට්වෙයා එකක ලින්ක් එකක් එක්ක. ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. එච්චරයි. අපි ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට අනුව අපිට සල්ලි ලැබෙනවා. ක්ලික් ‍කරන්න කිසිම දෙයක් නෑ. 20$ එකතු වුණාම Paypal වලින් cashout කරගන්න පුළුවන්.

ඇත්තම කියනවා නම් මම තාම මේකෙන් cashout කරලා නෑ. ඒත් මේකෙ reviews නරක නෑ. ඒක හින්දා බය වෙන්න දෙයක් නෑ. අනික අපිට මහන්සි වෙන්නවත් කාලෙ නාස්ති කරන්නවත් වෙන්නෙ නෑනෙ මේක නිසා. එහෙනම් ගිහිල්ලම බලන්නකෝ!

http://goo.gl/gHOZv

ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඉසව්වට උදව් කරන්න...!

 
back to top