2012/12/01

කුට්ටිය පිටින්ම වෙබ් සයිට් බා ගමුද?



                                    කාලෙකට පස්සෙ ඔන්න අද තමා පෝස්ට් එකක් ලියා ගන්න ඉඩ ලැබුණෙ. මාසෙකින් විතර බ්ලොග් එක පැත්තෙ නාව නිසා බ්ලොග් එකේ ගොඩක් අවුල් තිබුණා. ඒ ඔක්කොම හදලා තමයි මේ ආයෙත් වැඩ පටන් ගන්නෙ. ඔන්න අද දෙන්න යන්නෙ ගොඩක් අයට ඕන වෙන, විශේෂයෙන් වෙබ් ඩිසයින් කරන අයට ඕන වෙන සොෆ්ට්වෙයා එකක්.

                                    ගොඩක් අය ‍සම්පූර්ණයෙන්ම වෙබ් සයිට් එකක් බා ගන්න පුළුවන් සොෆ්ට්වෙයා ගැන අහනවා. ඒ වගේ software ඉල්ලලා ෆේස්බුක් groups වල එහෙම පෝස්ට් දාල තියෙනවා මම දැකල තියෙනවා. මෙ‍හෙම සොෆ්ට්වෙයා හොයා ගන්න හරි අමාරුයි. තියෙන ඒවත් නිකන් දෙන්නෙ නෑ. සල්ලි දීල ගන්න ඕනෙ.

                                    ඒත් මේ කියන්න යන්නෙ නොමිලේ දෙන වෙබ් සයිට් copy කරන සොෆ්ට්වෙයා එකක් ගැන. මේකෙ නම HTTrack Website Copier. පොඩි සොෆ්ට්වෙයා එකක් වුණත් මේක ගොඩක් වටිනවා. මේ තියෙන්නෙ HTTrack සොෆ්ට්වෙයා එකේ වෙබ් සයිට් එක.

http://www.httrack.com

                                    මේ සොෆ්ට්වෙයා එක හොඳ දේකට විතරක් පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරනවා. මේ ලින්ක් එකෙන් download page එකට ගිහින් අළුත්ම සංස්කරණය බා ගන්න පුළුවන්.



                                    ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඉසව්වට උදව් කරන්න...!

 
back to top