2012/09/29

බ්ලොගර් Navigation Bar වල් පැළෑටිය මර්ධනයට CSS වල් නාශකය


                                   වෙලාවක් නැති හින්දා මේ දවස්වල ඉතින් මේ වගේ පොඩි පොඩි පෝස්ට් තමයි දාන්න වෙන්නෙ. ඔන්න අපි පොඩි අළුත් වැඩකුත් පටන් ගත්තා. මොකක්ද කියල නම් කියන්නෙ නෑ. සයිඩ්බාර් එක දිහා හොඳට බැලුවොත් ඒක පෙනේවි.

2012/09/28

සවලෙන් නොව එක "CSS" පේළියෙන් "Powered By Blogger" වාලන්නෙ මෙහෙමයි!

                                   මේ දවස්වල අපිට හරියට වැඩ. පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. දෙලෝ රත් වෙලා A/L ප්‍රොජෙක්ට් හදන්න පටන් ගත්තෙ දැන් තමයි. මේ හදිස්සියෙ ආවෙ පොඩි දෙයක් කියල යන්න. මේ බ්ලොගර් එක්ක හැප්පෙන්න ලේසි නෑ. ඒත් අපිත් වැඩේ අතාරින්නෙ නෑ. දැන් කොච්චර "Attribution1" widget එක අයින් කරලා Powered By Blogger අයින් කළත් ආයෙත් ආපහු ඉබේම Powered By Blogger කියල යටින් වැටෙනවා. 

2012/09/18

ෆේස්බුක් වෙතින් ඇති තරම් SMS chat නොමිලේ!

                                   අපිට ඉතින් දවසෙම ෆේස්බුක් එකේ ඔන්ලයින් ඉන්න බෑනෙ. ඉතින් ඒක හින්ද තමයි ෆේස්බුක් එකෙන් හුදී ජන පහන් සංවේගය උදෙසා ෆේස්බුක් SMS කියල එකක් දීල තියෙන්නෙ. මේකෙන් අපි ෆේස්බුක් ලොග් වෙලා නොහිටියත් අපිට එන messages, photo tags, comments, friend requests, wall posts අපේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවෙ ඕනෙම ජංගම දුරකථන ජාලයක් මේකට ඔට්ටුයි. ඉතින් ගොඩක් අය මේ සේවාව ඇක්ටිව් කරගෙන ඇති. මොකද ඉතින් මේක නිකන් නෙ දෙන්නෙ.

2012/09/14

පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය


                                   අන්තිම ලිපිය දැම්මට පස්සෙ ආයෙත් ලිපියක් දාන්න ටිකක් පරක්කු වුණා. අන්තිමට දාපු ලිපියෙන් අපි පරිගණකයේ ඉතිහාසය ගැන කෙටියෙන් කතා කළා. ඒ වගේම ඒකෙන් පොරොන්දු වුණානෙ පරිගණක වර්ගීකරණය දානව කියල. ඉතින් ඒ පොරොන්දුව ඉෂ්ට කරන ගමන් මේ දාන්න යන්නෙ පරිගණක වර්ගීකරණයෙ පළවෙනි ලිපිය. පරිගණක එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. එයින් ප්‍රධානම ක්‍රමය තමයි පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය. පරිගණක වර්ගීකරණයේ විභාගෙදි වැඩියෙන්ම ප්‍රශ්න අහන්නෙ මේ පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණයෙන්.

පරිගණකයේ ඉතිහාසය


                                   ලංකාවෙ අපිට නම් පරිගණක පාවිච්චි කරන්න ලැබිල වැඩි කාලයක් නෑනෙ. ඒත් පරිගණකය කියන යන්ත්‍රයේ දියුණු වීම මෑත කාලෙදි සිද්ධ වුණත් පරිගණකයේ මූලික සංකල්ප ගැන ඉතිහාසය අවුරුදු දහස් ගාණක් ඈතට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මුල ඉඳලා කරුණු විදිහට පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරමු. මේක ටිකක් දිග ‍ලිපියක්. හෙමිහිට කියවන්න.

පරිගණකයක හැකියාවන් හා සීමාවන්


                                   අපි කලින් කතා කළානෙ පරිගණකයක් කියන්නෙ මොකක්ද කියන එක ගැන.  ඉතින් ඒ වගේ පරිගණකයකට කරන්න පුළුවන් දේවල්, ඒ කියන්නෙ හැකියාවන් ගොඩක් තියෙනවා. ඒ වගේම පරිගණකයකට වුණත් කරන්න පුළුවන් දේවල් වල සීමාවකුත් තියෙනවා. අද අපි කතා කරන්නෙ ඒ දේවල් ගැන.

පරිගණකයක් යනු කුමක්ද?

                                   ඔන්න අපි තවත් පාඩම් කොටසක් පටන් ගන්නයි යන්නෙ. දන්නවද පරිගණකයක් කියන්නෙ මොකක්ද කියලා? එක එක අය එක එක විදිහට මේ ගැන හිතාගෙන ඇති. එහෙනම් අපි බලමු ඇත්තටම පරිගණකයක් කියන්නෙ මොකක්ද කියලා.

තොරතුරු තාක්ෂණ මෙවලම්

                                   තොරතුරු තාක්ෂණය පාවිච්චි කරනකොට අපිට හම්බවෙන උපකරණ වලට තොරතුරු තාක්ෂණ මෙවලම් එහෙම නැත්නම් IT Tools කියල කියනවා. මේවත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

දත්ත හා තොරතුරු හඳුනා ගැනීම

                                   මේ කියන්න යන දේ ගොඩක් අයට පැටලෙන දෙයක්. මටත් ඉස්සර එහෙම වුණා. ඒ තමයි දත්ත හා තොරතුරු හඳුනා ගන්න එක. දත්ත, තොරතුරු කියන වචන දෙකේ බැලු බැල්මට ලොකු වෙනසක් පේන්නෙ නෑ. ඒත් මේ වචන දෙකේ තේරුම් එකකට එකක් වෙනස්.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම

                                 ඔන්න මම තවත් පාඩමක් අරගෙන ආවා. ඒ අළුත් වෙනසක් එක්ක. දැන් ලිපි හොයාගන්න ගොඩක් පහසු වෙන්න විෂය නිර්දේශයෙ තියෙන විදිහටම ලිපි වර්ග කරල තියෙනවා. ඒ වගේම මම හිතුවා GIT පාඩම් විතරක් මුලින්ම අරගෙන එන්න. නැත්නම් එක ගොඩේ ICT, GIT දෙකම දැම්මම කියවන අයට විතරක් නෙවෙයි මටත් පැටලෙන්න ඉඩ තියෙනවා. :) ඒත් ICT එක්ක බැලුවම GIT වල තියෙන්නෙ පොඩි වෙනසක් නිසා ICT කරන අයටත් මේ පාඩම් ගොඩක් වැදගත් වෙයි. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද?

                                   ඔන්න අපි පාඩම් පටන් ගන්නයි යන්නෙ. බ්ලොග් අඩවිය හදලා ටික කාලයක් ගියා වැඩ පටන් ගන්න. මොකද අපිටත් ඉතින් වැඩ තියෙනවනෙ! :) වැඩි කතා ඕන නෑ. අපි එහෙනම් පටන් ගමු. බලන්න මේ විදිහට ඉගෙනගන්න එක හොඳයිද කියලා...!

2012/09/10

ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම MMS Settings මෙන්න!



                                   මම මීට කලින් GPRS Settings දාපු වෙලාවෙ පොරොන්දුවක් වුණා MMS Settings දානව කියල. GPRS Settings දාපු ලිපිය බලන්න මෙතන කොටන්න. මේකෙදිත් කියන්න තියෙන්නෙ කලින් කියපු ටිකම තමයි. මේ පේජ් එක bookmark කරගන්න. එක්කෝ save කරගන්න. ඒක හදිස්සියකදි ගොඩක් ප්‍රයෝජනවත් වේවි.


බ්ලොග් එකට ස්කයිප් ගැජට් එකක් දාගමුද?

                                   අපේ බ්ලොග් ලියන කට්ටිය නිකන් දෙනව නම්, ඇහැට කණට පේනව නම් ඕන කුණු ගොඩක් උස්සගෙන ඇවිත් තමන්ගෙ බ්ලොග් එකට දා ගන්නවා. ඉතින් ඒ බ්ලොග් කියවන්න එන අයට බුදු සරණයි. ඇයි හෙට බ්ලොග් එක කියවන්න නම් අද බ්ලොග් එක ලෝඩ් වෙන්න දාන්න වෙනවනෙ.

2012/09/09

ගිගාබයිට් එක මෙගාබයිට් දහයට අකුලන්න


                                    මේ සොෆ්ට්වෙයා එක ගැන නම් දැන් ගොඩක් අය දන්නව ඇති. මොකද මේක නිකුත් කළේ 2008දි නිසා. මේ වෙන මොකුත් නෙවෙයි KGB Arhiever. Sourceforge එකෙන් දෙන තවත් අංක එකේ විවෘත ධාරක (open source) ‍සොෆ්ට්වෙයා එකක්. ඉසව්වෙන් දෙන ෆයිල් ඉස්සරහට මේ ‍ෆෝර්මැට් එකෙන් දාන්න හිතන් ඉන්න නිසාත්, සමහරු මේක ඩවුන්ලෝඩ් කරගන්න බැරුව නාහෙන් අඬන නිසාත් මේක ගැන දාන්න හිතුවා.

2012/09/08

බ්ලොග් කෙරුවාවේ කැවීම ගැන නොදන්න දෙයක්


                                   ඔන්න මුලින්ම කිව්ව, මම නම් බ්ලොග් කෙරුවාව පටන් අරන් වැඩි කාලයක් නෑ. ඉතින් මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට හැමදාම මොකක්හරි අවුලක් එනවා. ඉතින් මම කරන්නෙ මුළු දවසෙම ඒවට උත්තර හොයන එක. මේ කියන්න‍ යන්නෙත් ඒ විදිහෙ දෙයක් ගැනම තමයි. හැබැයි මේක බ්ලොග් එකක් ලිව්වම "අපිට වඩා එවුන් නෑ" කියල හිතන් ඉන්න අයියල, අක්කලට (වයසින් නොවේ‍!) නෙමෙයි කියන්නෙ. තමන්ගෙ පාඩුවෙ බ්ලොගක් ලියාගෙන අනිත් සහෝදරයන්ගෙ බ්ලොග් වලත් කමෙන්ට් එකක් දාගෙන ඉන්න අහිංසක කට්ටියට.

2012/09/07

ෆ්ලෑෂ් ඩ්‍රයිව් ෆෝර්මැට් කරන්න බැරිද? බලෙන් හරි ෆෝර්මැට් කරමු.

ඔන්න ඉසව්ව පටන් අරගෙන මාසෙකුත් අහවර වුණා. හිතාගෙන හිටියට වඩා ප්‍රතිචාරත් ලැබුණා. මේ පටන් ගන්න අළුත් මාසෙ ටිකක් වෙනස් විදිහට පෝස්ට් ලියන්න තමා හිතන් ඉන්නෙ. ඒ වගේම අළුත් වැඩ කෑලි ටිකකුත් වටින් පිටින් පේනව ඇතිනෙ! එහෙනම් අළුත් විදිහට, සෙට් වෙන්න මේ පැත්තට!

පහුගිය දවස් ටිකේ ඉසව්ව ටෙම්ප්ලේට් ස්ක්‍රිප්ට් එකේ තිබ්බ අඩුපාඩු ටිකක් හැදුවා. ඒ වගෙම පහුගිය දවස්වල හරියට සිග්නල් තිබ්බෙත් නෑ. මොබිටෙල් කට්ටිය අපේ පැත්තෙ තියෙන ටවර් එක රෙපයාර් කරපු නිසා. ඉතින් පෝස්ට් දාන්න හම්බවුණේ නෑ.

 
back to top