2012/08/29

ෆේස්බුක් යතුරු පුවරු කෙටිමං (Keyboard Shortcuts)


                                    අද වෙනකොට අන්තර්ජාලයේ සැරිසරන හැම කෙනෙකුටම ෆේස්බුක් ගිණුමක් තියෙනවනෙ. ඒ ‍වගේම ෆේස්බුක් හින්දම අන්තර්ජාලය පාවිච්චි කරන අයත් ඉන්නවා. ඉතින් මේ කියන්න යන්නෙ ෆේස්බුක් එකේ පිටු අතර ලේසියෙන්ම මාරු වෙන්න පුළුවන් විදිහට වෙබ් බ්‍රව්සර් අළුතෙන්ම හඳුන්වල දීපු ෆේස්බුක් යතුරු පුවරු කෙටිමං (Keyboard Shortcuts) ගැන. ෆේස්බුක් එකේ හැමෝටම මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

2012/08/26

කොම්පියුටර් එක අවට පෙරේතයො, භූතයො එහෙම ඉන්නවද කියල බලමුද?


                                   මාතෘකාව දැකපු ගමන් හිනා යන්නත් ඇති නේද? මම අද අහම්බෙන් වගේ ඉන්දියාවෙ පොරක් කරන බ්ලොග් අඩවියකට ගියා. ඒත් ඒකෙ තියෙන භාෂාව නම් තේරුණේ නෑ. වෙලාවට ඒකෙ මාතෘකා නම් ඉංග්‍රීසි භාෂාවෙන් දාල තිබුණා. ඒකෙන් තමා මේක හොයා ගත්තෙ. මේක අමුතුම තාලෙ මෘදුකාංගයක්. මේකෙන් අපේ පරිගණකය අවට අමනුෂ්‍ය බලවේග ඉන්නවද කියල බලාගන්න පුළුවන්. එහෙම කියන්නෙ මම නම් නෙවෙයි. මේ මෘදුකාංගය හදපු සමාගම.

2012/08/15

බ්ලොග් අඩවියට එන අයට බ්ලොග් අඩවිය ලෝඩ් වෙන්න ගිය වෙලාව පෙන්නමුද?

                               ඔන්න අද මම අරගෙන ආවෙ ගොඩක් වැදගත් දෙයක්. ඔයාගෙ බ්ලොග් කියවන්න එන අය තියා සමහරවිට ඔයාවත් දන්නෙ නැතුව ඇති ඔයාගෙ බ්ලොග් අඩවිය ලෝඩ් වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ගුගල් සර්ච් එන්ජිමේ එහෙම search box එකට පහළින් මේක දකින්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි අද ඔයාගෙ බ්ලොග් අඩවියටත් දාගන්න දෙන්න යන්නෙ.

2012/08/12

Opera Mini කොම්පියුටර් එකටත් දාගමුද?

                                   මොබයිල් ෆෝන් වලට නම් බ්‍රව්සර් එක Opera Mini බව ආයෙ කියන්න ඕන නෑනෙ. නරකද මේ Opera Mini ඔයාගෙ කොම්පියුටර් එකටත් දා ගත්තොත්? පණ අදින අන්තර්ජාල සම්බන්ධතා තියෙන අය නම් උඩින්ම කැමති ඇති. එහෙම නේද? :)

2012/08/05

ෆොටෝෂොප් වලදී ලේසියෙන් සිංහල Fonts වල නැවතීමේ තිත (.) සහ කොමාව (,) Type කරන හැටි



මීට කලින් අපි කතා කළා කොහොමද ඔ‍ෆිස් පැකේජයේ දී මේ කියන settings වෙනස් කිරීම කරන්නෙ කියලා. ඒ post එක බලන්න ඕන නම් මෙතනින් යන්න. දැන් අපි බලමු Adobe Photoshop CS3 වලදි කොහොමද මේ settings වෙනස් කරන්නෙ කියලා. හැබැයි ෆොටෝෂොප් අනික් සංස්කරණ වල මේක වෙනස් වෙන්න පුළුවන්.

2012/08/02

ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම GPRS Settings මෙන්න!

                                    SIM එක දාපු ගමන් GPRS settings ඉබේ හැදෙන්නෙ නැති ෆෝන් ගොඩක් තියෙනවනෙ. ඒවට settings ගන්න පාරිභෝගික සේවාවල කට්ටියට නොවඳිනා වැඳුම් වඳින්න ඕනෙ. සමහරවිට දහ දොළොස් පාර කතා කළත් ඒ අය settings එවන්නෙ නෑ. මෙන්න මම ලංකාවෙ ජංගම දුරකථන ජාල පහේම GPRS settings අරන් ආවා. ඕන නම් මේ post එක ඔයාගෙ කොම්පියුටරේට copy කරල තියාගන්න. එතකොට settings හදාගන්න කවුරුවත් ඕන නෑනෙ.

 
back to top