2012/07/30

Facebook Messages පිරිලද? Delete කරන්න අමාරුද? එහෙනම් එක ක්ලික් එකෙන් සේරම Delete කරමු!

                                    ඔයා නිතරම ෆේස්බුක් පාවිච්චි කරන කෙනෙක් නම් දවසකට messages ගොඩක් යවනව ඇති. ඒ වගේම ඔයාට  messages ගොඩක් එනවත් ඇති. මේව මකනව නම් එකින් එක මකන්න වෙනවා. ඒ නිසා අපි කවුරුවත් ඒක කරන්නෙ නෑ. මේ trick එක පාවිච්චි කරන්න කලින් මගෙ account එකේ unread messages විතරක් 200කට වඩා තිබ්බා. 

2012/07/27

ඔයාගෙ Mobile Device එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයමු.


                                    ඔයා දන්නවද? ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එක, ඩොන්ගල් එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයන්න පුළුවන්. IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity. ඒක unique number එකක්. ඒ කියන්නෙ එක වගෙ දෙකක් නෑ. හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි.

2012/07/26

Windows වලදි ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය 20% කින් හෝ ඊටත් වඩා වැඩිකරගන්න ක්‍රමයක්


                                   ඔයා පාවිච්චි කරන්නෙ Windows නම් ඔයා සමහරවිට නොදන්නවා ඇති පරිගණකයේ Windows මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයන් සදහා ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්න බව. අපිට පුළුවන් ලේසියෙන්ම මේක නවත්තන්න. ඒකට පහළ දීල තියෙන පියවර අනුගමනය කරල බලන්න. 

ෆේස්බුක් චැට් කරන්න මෙන්න හොඳම මෘදුකාංගය

                                පහුගිය දවස්වල මගෙ facebook online chat වැඩ කළේ නෑ. මම කලින් Pidgin software එක දාගෙන හිටියා. ඒත් මට අළුතෙන් windows දැම්මට පස්සෙ ආයෙ Pidgin install කරන්න බැරි වුණා. මොකද Pidgin run කරන්න ඕන කරන GTK Runtime online installer එක ඒ site එකෙන් නවත්තපු නිසා.
                                ඒත් දැන් Pidgin.exe එක්ක GTK Runtime එකත් එනවා. මේ software එක අනික් chat software වගෙ නෙවෙයි. internet connection එක slow වුණත් හිරවෙන්නෙ නැතුව chat කරන්න පුළුවන්.

ඔ‍ෆිස් පැකේජයේ දී ලේසියෙන් සිංහල Fonts වල නැවතීමේ තිත (.) සහ කොමාව (,) Type කරමු.



ඔන්න මම ගොඩක් අයට වැදගත් වෙන post ‍එකක් අරගෙන ආවා. ගොඩක් අය කොච්චර වැඩකාරයො වුණත් ඔ‍ෆිස් පැකේජ් එකේදි සිංහල type කරනකොට සමහරුන්ට නැවතීමේ තිතයි කොමාවයි type කරගන්න බෑ. එක්කෝ symbols වලින් අරගන්නවා, නැත්නම් ඉංග්‍රීසි font එකකින් type කරනවා. ඒක හරි කරදර වැඩක්. අපිට පොඩි settings වෙනස් කිරීමකින් යතුරු පුවරුවේ තියෙන apostrophe එකෙන් (') නැවතීමේ තිතත්, quotation mark එකෙන් (") කොමාවත් (මෙම සංකේත දෙකම යතුරු පුවරුවේ එකම යතුරක අන්තර්ගත යි.) type කරන්න පුළුවන්. දැන් අපි බලමු Microsoft Word (2007) වලදි කොහොමද මේ settings වෙනස් කරන්නෙ කියලා. ඔෆිස් පැකේජ් එකේ අනෙක් මෘදුකාංග වලත් settings වෙනස් කරන්නෙ මේ විදිහටම යි.

හිතෙන හිතෙන වෙලාවට ෆේස්බුක් ටයිම්ලයින් හා පරණ ෆේස්බුක් වෝල් අතර මාරු වෙන්න!

                                    සමහර කට්ටිය‍ට ‍‍ෆේස්බුක් ටයිම්ලයින් එකයි ෆේස්බුක් අළුත් චැට් interface එකයි එපා වෙලානෙ. මේ කියන්න යන්නෙ පරණ ෆේස්බුක් වෝල් එකත් චැට් interface එකත් තමන්ට ඕන වෙලාව‍ට "ON" , "OFF" කරන්න පුළු‍වන් ක්‍රමයක් ගැන. ඒ විතරක් නෙවෙයි මේකෙන් තව වැඩ ගොඩක් කරන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් මීට අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ විදිහටම ෆේස්බුක් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේක වැඩ කරන්නෙ Opera, Chrome , Firefox කියන වෙබ් බ්‍රව්සර් වල විතරයි.

Opera mini වලදී සිංහල Enable කරන හැටි (Enable Sinhala In Opera Mini)

                                    OYA ISAWWA TA OPERA MINI WEB BROWSER EKAKIN AWA KENEK NAM ME BLOG EKE ANITH POSTS KOTU WIDIHATA PENAWA ATHI. A OYAGE BROWSER EKE SINHALA ACTIVE KARALA NATHI NISA. OYATA PAHALA THIYENA WIDIHATA OYAGE OPERA MINI BROWSER EKE SINHALA ACTIVE KARAGANNA PULUWAN. MULIN POST EKA HONDATA KIYAWALA PASSE TRY KARALA BALANNA.

 
back to top